සෞදි වයිරසය ජංගම සේවය කල් දමයි


සෞදි අරාබියේ  රියාද් තානාපති කාර්යාලය  මෙහෙයවන නැගෙනහිර කලාපීය ජංගම සේවාව සිකුරාදා (2) පැවැත්වීමට   නොහැකි වුයේ සෞදියේ දැනට පවතින ‘කොරෝනා මාර්ස්’ වෛරසය අවදානම නිසා බව  රියාද් ශ්‍රී  ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය  සිරිපාල ගම්මන්පිල මහතා පවසයි. 

නැගෙනහිර  කලාපීය ජංගම සේවාව දින නොමැතිව කල්තබා ඇති අතර නැගෙනහිර කලාප ජංගම සේවාව ජුනි පළමු සතියේ සිකුරාදා දින පැවැත්වීමට නියමිත බව ද ගම්මන්පිල මහතා කීහ.

මෙම   වයිරසය පැතිරීමේ අවදානම මත රියාද් තානාපති කාර්යාල පරිස්ස්රයේ පැවැත්වීමට නියමිත් වෙසක් පින්කම අවලංගු කළබවද ගම්මන්පිල මහතා පැවසයි .