සෞදි ඉරණම විසඳන හමුව ශනිදා


නීතී විරෝධීව හෝ  අනවසරයෙන් සෞදි අරාබියේ  රැදී සිටින ආසියාතික රටවල ශ්‍රමිකයින්  වෙනුවෙන් ගත යුතු  පියවර පිළිබදව සාකච්ඡා කිරීම සදහා  සෞදි කම්කරු අමාත්‍යංශයේ දී  සෙනසුරාදා (11) පැවැත්වෙන  සාකච්ඡාවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාව ,ඉන්දියාව ,පකිස්ථානය  බංගලිදේශය නේපාලය හා පිලිපීනය නියෝජනය කරන තානාපති නිලධාරීන්ට ආරාධනා කර ඇතැයි ‘‘ඇරැබ් නිවුස් ‘‘ පුවත්පත  කියයි.

සෞදි රජය විසින්  දෙන ලද සහන කාල සීමාව හා  සමගාමීව මෙම පියවර ගැනෙයි.

තානාපති කාර්යාලයයේ  උසස් නිලධාරියකු පැවසුවේ  කම්කරු අමාත්‍යංශය පවත්වන සාකච්ඡාව සදහා  රියාද්  ප්‍රධාන කාර්යාලයයේ නිලධාරීන්  දෙදනකු ජෙඩා නුවර පිහිටි  කොන්සියුලර් කාර්යාලයයෙන්  නිලධාරියකුද ඊට  සහභාගීවන බවයි .

සෞදියේ  අවතැන් වුවන්  වෙත කිසියම්  සහනයක් ලබා දිමට  ඉඩ ඇති බවත්  සෙනසුරාදාවෙන් පසු ඒ පිළිබදව දැනගත හැකි බවත් ඔහු කියයි.