(අංජුල මහික වීරරත්න)
විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බව ද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ස්කොට්ලන්ත වැවිලිකරුවකු වන ජෝසප් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සදාකාලික සිහිවටනයක් ලෙස ජෝසප් ෆ්‍රේසර් රෝහල ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කළ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය තැපැල්පති පී. සත්කුමාර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

