කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය එම රෝහලේම සේවය කළ සෞඛ්‍ය කාර්ය සහායකයාගේ මරණයට හේතුව ඩෙංගු රෝගයම නොව විසබීජයක් ශරීරගත වීම බව රෝහල් බලධාරිහු කියති.
ඩෙංගු වැළඳුන තම දරුවාට නිසි ප‍්‍රතිකාර රෝහලෙන් සිදු නොවීම මෙම මරණයට හේතුව බවට මිය ගිය අයගේ දෙමාපියන් චෝදනා කරන බැවින් මෙය මහේස්ත‍්‍රාත් පරික්ෂනයක් සඳහා යොමු කරන ලෙස කලූබෝවිල හදිසි මරණ පරික්ෂක පාරින්ද කොටුගොඩ මහතා අද (10) කොහුවල පොලිසියට උපදෙස් දුන්නේය.

