(යොහාන් භාසුර)
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා සම්බන්ධයෙන් අසාධාරණයක් වී ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා පිළිගත් බවත් මුදල් අමාත්‍යාංශය සහ රජය සමග සාකච්ඡා කර ගැටලුව විසඳීමට සතියක කාලයක් ඉල්ලා සිටි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.
සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අතර අද (24) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා එසේ පැවසූ බවද රවී කුමුදේශ් මහතා කීය.
අය වැය යෝජනාව ක්‍රියාත්මක වුවහොත් නිවාඩු දින සහ අතිකාල දීමනා අඩුවන බවත්, පාර්ලිමේතුවේදී අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ ගණන් වැරදි බවත් ඒ මහතා කීය.
නිවාඩු දින දීමනා සහ අතිකාල සෑදීම, 2027 පඩියට සෑදිමේ අමාත්‍ය වරයාගේ නව යෝජනව සෞඛ්‍ය වෘත්තිකයින් වෙනුවෙන් කරන එකකට වඩා, චක්‍රලේඛයේ ඇති වරදක් නිවැරදි කිරීමක් බවත් එසේ නොකර අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමඑය සෞඛ්‍ය වෘත්තිකයන්ට දෙන විසඳුමක් ලෙස අමාත්‍යවරයාව නොමග යවා ඇති බවත් රවි කුමදේශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.