සෞඛ්‍ය නිලධාරිනියට අනාගත සැමියාගෙන් කඩු පහරක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකගේ නිවසට කඩා වැදුණු ඇය විවාහ කර ගැනීමට සිටි බව කියන තරුණයකු  එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 32 ක තැනැත්තියකි.

නිවසෙහි සාලයේ විශාල ලේ සහ කාන්තාවගේ බවට සැකකරන හිසකෙස් දක්නට ලැබෙන බව පොලීසිය සඳහන් කරයි.