
(අංජුල මහික වීරරත්න)
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ මහජනතාවගේ සමස්ත යහපැවැත්ම වැඩි දියුණු කිරීම මගින් දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා මෙම ගිවිසුමට අත්සන් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
යෝජිත ගිවිසුම සඳහා සදහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

