සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී ඇත්තේ ඉන්දුනීසියාවේ කණ්ඩායමක් බවට සැක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි ද අමාත්‍යංශය පවසයි.
මේ වන විට වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කර ඇති නමුත් පරීක්ෂණ සිදු වන නිසා වෙබ් අඩවිය අන්තර් ජාලයට මුදා හැර නැති බව කියන සෞඛ්‍ය අමාත්‍යංශය යළි මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද සඳහන් කරයි.
ලෝක ආර්ථික සංසදය (වර්ලඩ් ඉකොනොමික් ෆෝරම්) හි 2016 වසරේ ගෝලීය තර්ජන වාර්ෂික වාර්තාවට අනුව සයිබර් ප්‍රහාර යනු ලෝකය මුහුණ දෙන ප්‍රධාන අවදානමක් මෙන්ම තර්ජනයකි. එම වාර්තාවට අනුව 2014 වසරේ දී සයිබර් ප්‍රහාර ලොව හමුවේ පැවැති සිව්වැනි ප්‍රධානතම අවදානම් තත්ත්වයයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් කළ විමසීමක දී අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා කීවේ පිරිසක් අනවසරයෙන් වෙබ් අඩවියට ඇතුළු වී ඇති නමුත් එහි දත්තවලට හානි පමුණුවා නැති බවයි. ඒ ගැන අදාළ අංශවලට පැමිණිලි කර ඇතැයි ද, ඉදිරියේදී මෙවැන්නක් නොවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද ඒකනායක මහතා කීවේය.

