සෝහා ස්විස් ගිහින්


2016-11-08-ent-20

සායිෆ් අලී ඛාන්ගේ නැඟණිය මෙන් ශර්මිලා තාගෝර්ගේ දියණිය වන සෝහා අලී ඛාන් ‍මේ දිනවල ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් තිබෙන බව සඳහන් වේ. එහි ඇය ගොස් ඇත්තේ ඇයගේ සැමියා වනු කුනාල් කේමු සමගිනි.

පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා දික්කසාද වූ බවට කට කතා පළවු අතර, එය බොරුවක් බව පෙන්වමින් කුනාල් සහ සෝහා ස්විට්සර්ලන්තයේ මෙසේ නිවාඩුවක් ගත කිරීමට ගොස් ඇති බවට තොරතුරු ලැබේ. ඔවුන් එහි විනෝද වෙමින් ඡායාරූප ගෙන සිය ට්විටර් ගිණුමටද එක් කර ඇති අතර, එහි දෙතොල් සිපගන්නා ඡායාරූප කිහිපයක්ද එක්කොට තිබීම කැපී පෙනෙන්නකි.

බොහෝ විට එවැනි ඡායාරූප ඔවුන් සිය ‘ට්විටර්’ ගිණුමට එක්කර ඇත්තේ කුනාල් හා සෝහා තවමත් පරණ පෙම්වතුන් බවට බොහෝ පිරිසකට අදහසක් ඇති කරන්නට බව සඳහන් කළ හැකිය.

 

2016-11-08-ent-21 2016-11-08-ent-19 2016-11-08-ent-18 2016-11-08-ent-17 2016-11-08-ent-16 2016-11-08-ent-15