"රන්ග් දේ බසන්තේ", "මිඩ්නයිට් චිල්ඩ්‍රන්" ආදී චිත්‍රපට හරහා ජනප්‍රිය වූ බොලිවුඩ් නිළියක වන සෝහා අලී ඛාන්, තමන්ගේම නිෂ්පාදන කණ්ඩායමක් අරඹා තිබේ. එහි පළමු චිත්‍රපටය ලෙස "කුනාල්" සිනමාපටයේ පෙර නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බව ඇය පවසා ඇත. කෙසේ වෙතත් ඇය සිය නිෂ්පාදන සමාගමෙන් නිපැයෙන නිර්මාණවලට සහභාගි නොවන අතර, එළඹෙන ඔක්තෝබරයේ ඇය රඟපෑ චිත්‍රපටයක් වන අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනය පිළිබඳ නිර්මාණ කෘතිය නිකුත්වීමට නියමිතය.