සෝමාලියා සාගතෙන් දෙලක්ෂ හැටදාහක් මරුවාට


සෝමාලියාවේ සාගතයෙන් අඩු ගණනේ දෙලක්ෂ හැට දහසක් කුස ගින්නෙන් මැරෙන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි.

ඉන් අඩක්ම වයස අවුරුදු පහට අඩු දරුවෝය.

2010 ඔක්තෝබරයේ සිට පවතින දැඩි සාගතයත් නියඟයත් ඊට හේතුවයි.

එක්කෝටි තිස් ලක්ෂයක් ජනයා මේ නියඟයෙන් පීඩාවට ලක් වූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනුයේ සොමාලි ජනතාව බේරා ගැනීම සඳහා කළ වැඩ ප්‍රමාණය අල්ප බවයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එම වාර්තාව ඉදිරිපත් කරයි.

1992 සාගතයේදී මිය ගිය ගණන දෙලක්ෂ විසි දහසකි.

දිනපතාම සිය ගණන් මැරී වැටෙන බවත්, හරියටම එවැනි දර්ශන සාක්කිකරුවකු නැති නාළුවක් බවත් මේ සාගතය එරට වසර 25කදී ඇති වූ දරුණුම සාගතය බවත්, මුල් අනතුරු ඇඟවීම් ගැන අන්තර් ජාතික ප්‍රජාව සැලකිලිමත් වූයේ නම් බොහෝ ජීවිත බේරා ගත හැකිව තිබූ බවත් එම වාර්තාව සඳහන් කරයි.

දකුණු හා මධ්‍යම සෝමාලියාවේ ජන ගහනයෙන් සියයට පහක් ද, ළමයින්ගෙන් සියයට දහයක් ද මේ සාගතයෙන් මරුමුවට පත් වූහ.

ළමයින් පස් දෙනකුගෙන්ම එක් අයකු බැවින් මරුමුවට පත් වී ඇත.