ලාංකිකයින්ගේ ජීවිත ශක්තිමත් කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කිරීමට තම ජීවිත කාලය පුරාම සාධාරණ සමාජයක් උදා කරලීම සඳහා අදීනව අරගලයක යෙදුන සංඝ පීතෘවරයෙක් වූ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අභාවය පිළිබඳව තරුණ විද්වත් වෘත්තිකයන්ගේ එකමුතුව වන (2021) සංවිධානය ශෝකය පළ කරන බව එහි ප්‍රධාන ලේකම් තිලක් සෙනෙවිරත්න මහතා නිවේදනය කරයි.
විද්වත් වෘත්තිකයන් සමග පමණක් නොව සියලුම සමාජ ක්‍රියාකාරින් සමග ඒකාබද්ධ වෙමින් ගුරු හරුකම් දෙමින් කළ නායකත්වය ජනයාගේ සුබ සෙතට දුන් දායකත්වය මිල කළ නොහැකි බව ද විද්වත් වෘත්තිකයින් සඳහන් කරයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ජන සුබ සිද්ධිය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙමින් ඒ සඳහා නායකත්වය දුන් ප්‍රගතිශීලී පුරෝගාමී භික්ෂූන් වහන්සේ නමක වශයෙන් උන් වහන්සේ සමාජයට ඉටු කළ කාර්යභාරය අමිල බවත් එවැනි සංඝ පීතෘවරයෙක් මේ මොහොතේ රටට අහිමි වීම දැරිය නොහැකි පාඩුවකි. යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරන සියලු ලෝක වාසී පුරවැසියන්ගේ මෙහෙය කෘතඥභාවය, ආචාරය උන්වහන්සේ වෙත පළවනු නිසැකය.
සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වැදුණු උන් වහන්සේ රාජ්‍ය පාලනයේ දුර්වලකම් නොබියව පෙන්වා දී සංඝ සමාජයටද ආදර්ශයක් ගෙන දෙමින් පාලකයන්ගේ වැරදි පෙන්වාදීමට ශක්තිමත් වූ එඩිතර ඝංඝ පීතෘවරයෙක් බවත් උන්වහන්සේ සේ දුන් දර්ශනය හා ආදර්ශය ඉදිරියට ගෙනයාමට කැප වන බව ද සඳහන් කරයි.

