සෝභිත හිමි තුන්මාසෙ පිංකම නාග විහාරේ


සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු කැදවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව සිටි අපවත් වී වදාල    මාදුළුවාවේ සෝභිත නාහිමියනට පිං පැමිණවීමේ තෙමස් පූර්ණ පිංකම  ඉරිදා(7)කෝට්ටේ ශ්‍රී නාගවිහාරස්ථාණයේ දී පැවැත්විණි.

සියක් නමකට අධික මහා  සංඝරත්නයට සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ඇතුළු පිංකම් රැසක් සිදු කැරිණි.

ගලගම අත්තදස්සී අස්ගිරි මහා නාහිමි, නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නාහිමි, අග්‍ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණීස්සර ශ්‍රී ලංකා  අමරපුර නිකායේ උත්තරීතර මහා නායක, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා  සංඝසභාවේ  කෝට්ටේ  පාර්ශවයේ  මහා  නාහිමි ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, කතා නායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.

DSC_0052 DSC_0071 DSC_0080 DSC_0158 DSC_0179 DSC_0180