සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පළමු ගුණ සැමරුම අද (8) ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
‘යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කැප කළ ජීවිතය‘ ගුණ සමරු ග්‍රන්ථය ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා අතින් ජනපතිට පිළිගැන්විණි.
ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.