සෝභිත හිමි ගිය මඟ යන බව කියති


 සෝභිත නාහිමියන් විසින් පැතූ සමාජ අපේක්ෂාව හා දේශපාලන වෙනස්කම් ඉතා ඉක්මනින් ඇති කිරීම ජනපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය මහතා කෝට්ටේ නාගවිහාරයේ දී පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

සෝභිත හිමියන් කළ සේවය අගය කිරීම සඳහා එම හමුව පැවැත්වුණු අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ ද, විහාරස්ථ දායකයෝ ද ඊට එක්වූහ.

‘අපට කරන්න පුළුවන් සෝභිත හිමියන් පැතූ සමාජය සාධාරණත්වය ඇති කිරීමයි. ඒ සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මින් ඉදිරියට ක්‍රියාත්මක විය යුතුයි.‘

නිර්මාල් රංජිත් දේවසිරි සහ ගැමුණු විජේරත්න මහත්වරු ද කතා කළහ.

DSC_0064 DSC_0068