සෝභිත හිමි අදාහනෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්


අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය වෙනුවෙන් ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

රාජගිරිය - මාළඹේ, බත්තරමුල්ල - පන්නිපිටිය හා තලවතුගොඩ - පිටකෝට්ටේ මාර්ග නුගේගොඩ දෙසටත් ජුබිලි කණුව සිට මහරගම මාදිවෙල - ඇඹුල්දෙණිය පාර කෝට්ටේ හංදිය දක්වාත් බරවාහන ඇතුළු කිරීම අද පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා තහනම් කර ඇති අතර නාහිමියන්ගේ ආදාහන උත්සවය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2000 ක් පමණ රාජකාරියේ යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.