දූෂණය පිටුදැකීමට මහත් මෙහෙවරක් කළ මාදුළුවාවේ සෝභිත හිමියෝ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කොළඹ දී පැවති දූෂණ විරෝධී ජාතික දින උළෙලේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය පිරිනැමූ ජාතික සුපිළිපන් ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූහ.
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් ඒ හිමියන්ගේ ශිෂ්‍ය උඩුකලකන්දේ අරියරතන හිමියෝ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අතින් සම්මානය ලබා ගත්හ.
අල්ලස සහ දුෂණ තුරන් කිරීමේ ජනතා අභිලාශය ඉටු වන යුගයක් බිහි වී ඇති බවත් 19 වැනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ සඳහා වැඩි ශක්තියක් ලබාදුන් බවත් දූෂණ විරෝධී වැඩසටහනකට ජනාධිපතිවරයකු සහභාගී වූ පළමු දිනය අද විය හැකි යැයි ද ජනාධිපති සිරිසේන මහතා කිවේය.
දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ද ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් ඇරැඹිණි. පාගමන නිදහස් චතුරස‍්‍රය වෙත පැමිණිමෙන් පසු දුෂණ විරෝධී දින ජාතික උත්සවය පැවැත්වීය.







