සෝභිත නාහිමි රෝහල් බිල රජයෙන්


දැනට ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලකට වැඩමවාගෙන ගොස් සිටින කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රතිකාර කටයුතු සදහා වැයවන සියලූ වියදම් රජයෙන් දරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කර මෙම කටයුතු සිදුකරන ලෙස ද දැනට සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබූ  සෝභීත නාහිමි  වැඩිදුර ප්‍රතිකාර සදහා අද (4)  සිංගප්පූරුවේ රෝහලකට රැගෙන යනු ලැබ ඇත්තේ ද ජනාධිපති උපදෙස් අනුවය.