කොස්ලන්ද මීරීයබැද්දේ පණ පිටින් වැළලුණු අය සොයා පොලීසිය,හමුදාව සහ සහන සේවකයෝ අද (30) දෙවැනි දිනටත් මෙහෙයුම් ඇරැඹුහ.
කාලගුණය අඳුරු තත්ත්වයක පවතී.
තම නෑයන් සොයා විලාප දෙන බාල මහලු තරුණ පිරිස් හි අදෝනාවන්ගෙන් මුළු පරිසරයම දෝංකාර දෙති.
මිනිසුන් මීරීයබැද්දවත්තට පැමිණිම නිසා සහනසේවා කටයුතුවලට බලවත් අපහසුතාවක් හා අනතුරුදායක බව බදුල්ල මහ දිසාපති රෝහණ දිසානායයක මහතා පවසයි.
අවතැන්වුවෝ කඳවුරු දෙකක නතර කරනු ලැබ සිටිති.
ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර

























