අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහා නායක අපවත් වි වදාළ ගලගම ධම්මසිද්දී ශ්‍රි ධම්මානන්ද අත්ථදස්සි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණයේදී අද (13) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
මහනාහිමියන්ගේ දේහය බ්‍රහස්පතින්දා (10) උන් වහන්සේ මහනායක පදවියට පත්වන්නට පෙර වැඩසිටි උරුලැවත්තේ පන්සල වෙත වැඩම කරවනු ලැබූ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමි ඇතුළු කාරක සංඝ සභික හිමිවරු එහිදී දේහයට අවසන් ගෞරව දැක්වුහ.
එදින පස්වරුවේ මහනාහිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ උපාලි විශ්‍රාම ශාලාවට වැඩම කළ අතර අවසන් කටයුතු සිදුකෙරෙන අද දින දක්වා දේහය එහි තැන්පත් කර තිබිණි.
අවසන් කටයුතු සිදුකෙරෙන අද දින ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.
මේ අතර අද ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු ද අස්ගිරි මහ නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියේය.
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප - ප්‍රදීප් පතිරණ


























