සොලාන්ජ් ක්නෝල්ස් ප්‍රථම වතාවට බිල්බෝඩ් ගීත දර්ශකයේ අංක 1ට


2016-10-13-ent-35

සුපිරි ආර් ඇන්ඩ් බී තරු බියොන්සේගේ සහෝදරිය වන සොලාන්ජ් ක්නෝල්ස්" පසුගිය සඳුදා දිනයේ ඇමරිකානු බිල්බෝඩ් 200 ගීත දර්ශකයේ ප්‍රථම වතාවට ඇයගේ නවතම ගීත ඇල්බමය වන "A Seat at the Table" ගීත ඇල්බමයත් සමග පළමු ස්ථානයේ වැජඹීමට සමත් වී ඇති බව වාර්තා වෙයි. ඇමරිකානු ගායිකාවක, ගීත රචකාවියක, නිරූපණ ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන සොලාන්ජ් පසුගිය සැප්තැම්බර් 30 දින එළිදක්වන ලද තෙවැනි ගීත ඇල්බමය වන මෙම "A Seat at the Table" මේ වන විටත් පිටපත් 46,000ක් පමණ අලෙවි වී ඇත . මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත් වෙමින් ඇති මෙම ගීත ඇල්බමය මේ දිනවල තවත් බොහෝ ගීත දර්ශකයන්හි ඉහළ ස්ථානයන්හි පැවතෙන බවද වාර්තා වෙයි.

 

අනුෂි දන්තනාරායන