අවසන් යුද සමයේ මෙරට ජීවිත දහස් ගණනක් අහිමිවීමට වගකිව යුත්තා කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව නෝර්වේ හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් සදහන් කර ඇත.
ප්‍රභාකරන් සිය ස්වයංපාලන ප්‍රතිපත්තියෙන් මිදී සාම උත්සහයන් වලදී යෝජනා කළ ෆෙඩරල් පාලන ව්‍යූහයක් මෙරට තුළ ක්‍රියාත්මක කරන්නට උත්සහ කළේ නම් එය උතුරේ ජනතාවගේත් දකුණේ ජනතාවගේත් කැමැත්ත මත ගෙන ඒමට හැකියාව තිබූ බවත් සොල්හයිම් සදහන් කර තිබිණි.
මෙරට යුද්දය නිම කිරීම සදහා නෝර්වේ රාජ්‍ය මැදිහත් වී සිදුකළ සෑම උත්සහයක්ම ප්‍රභාකරන්ගේ මුරණ්ඩුකම මත ව්‍යර්ථ වු බවද සොල්හයිම් ප්‍රකාශ කර ඇත.
අවසන් යුද සමයේදී මෙරට ආරක්ෂක අංශ වෙත කොටි සාමාජිකයන් බාර කිරීමට නෝර්වේ රාජ්‍ය මැදිහත් වී ගෙන ගිය උත්සහය ද ව්‍යර්ථ කරමින් ප්‍රභාකරන් ඊට ඉඩ නොදීම නිසා කොටි සාමාජිකයින්ගේ මෙන්ම සාමන්‍ය සිවිල් ජනතාවගේ ජීවිත අහිමි වී ගිය බවද සොල්හයිම් සඳහන් කළේය.

