සොලමන් දූපත්හිදී බීමතින් රිය පැදවූ ශ්‍රී ලාංකිකයා සොයයි


මාස කිහිපයකට පෙර සොලමන් දූපත් හිදි බීමතින් රිය පදවමින් අනතුරක් කර පළා ගිය  ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා  එම දූපත් පොලීසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා  සිටී.

මෙලෙස රිය අනතුරක් කර පලා ගොස් ඇත්තේ එම දූපත් හි බැංකුවක තොරතුරු තාක්ෂණ අංශයේ කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ 40 හැවිරිදි ලාංකිකයෙකි.

ගිය වසරේ ඔක්තෝබර් 29 වැනි දා හොනියාරොන් ප්‍රදේශයේදී බීමතින් සිටි මොහු , තවත් කාන්තාවක සමඟ අධික වේගයෙන් මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී වාහනය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පිහිටි විදුලි කණු ඇතුළු මාර්ගයේ දේපළ වලට හානි කරමින් අනතුරට පත්ව ඇත.