සොරොව් වසා අලියා බේරයි


වැලිකන්ද ඉසෙඩ් ඩී. ප්‍ර‍ධාන ඇලට වැටුණු වල් අලියකු පැය හයක් පමණ වෙහෙසී බේරාගැනීමට වනජීවී නිලධරයෝ හා ප්‍රදේශවාසීහු සමත්වූහ. අද අලුයම මේ අලියා ඇලට වැටෙන්නට ඇතැයි ගැමියෝ කියති. සැඩ පහරත් සමග අලියා ඇල දිගේ පහළට ගසාගෙන ගොස් සොරොව්වේ හිරවී හානියක් සිදුවීමට ඉඩ ඇති බැවින් මහවැලි නිලධාරීන් සොරොව් කිහිපයක් වසා දැමීමට ද කටයුතු කළහ.

කඹ යොදා අලියාට උදව් කරමින් කාසන්වැව ආසන්නයෙන් අලියා ගොඩට ගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීන් කියයි. මේ අලිය වයස අවුරුදු 35ක පමණ හොදින් වැඩුණු අලියකු බවත් ඔවුහු කියති. ඇලෙන් ගොඩට ආ අලියා ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ගියේය.

DSC03832 DSC03837 DSC03842 DSC03843 DSC03844