පුද්ගලයකුට යකඩ බටයකින් පහර දීම හා සොරකම් 39 කට වරඳ පිළිගත් 20 හැවිරිදි තරුණයකුට ආහාර පිසීමේ පාඨමාලාවකට යොමු කරන ලෙස ස්ව්ස්ටර්ලන්ඩ් අධීකරණයක් බලධාරීන්ට නියම කළේය.
විත්තිකරුගේ වයසත් වරද පිළිගැනීමත් යන කරුණු සලකා බලා හිර දඩුවම් නියම නොකරන බව බර්න් නුවර අධිකරණයේ විනිසුරුවරයා කීය.
පාඨමාලාව හදාරා රැකියාවක් වැඩදායි පුරවැසියකු ලෙස ජීවත් වන ලෙසට විනිසුරුවරයා ඔහුට අවවාද කළේය.
පාඨමාලාව සාර්ථකව නිම කිරිමට තරුණයා අපොහොසත් වුවහොත් වසර තුනහමාරක හිරදඩුවමකට යටත් විය යුතු බවටත් විනිසුරු නියම කළේය.