
(දයාරත්න ඇඹෝගම)
යුද හමුදා රෙජිමේන්තුවක පොලිස් නිලධාරියකු සහ තවත් පුද්ගලයකු සොරා ගත් යතුරැ පැදි දෙකක් සමග අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,සාලියපුර ප්‍රදේශයේ හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරනු ලබන 28 හැවිරිදි හිටපු බුද්ධි නිලධාරියෙකි. ඔහු මේ වන විට හමුදා රෙජිමේන්තුවක පොලිස් නිලධාරිවරයෙක් ලෙස සේවය කරන අයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු අනෙක් පුද්ගලයා මහව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි.
මෙම යුද හමුදා පොලිස් නිලධාරියා පසුගිය පෙබරවාරි 27 වැනි දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදි යතුරු පැදියක් සොරා ගෙන එම යතුරු පැදිය විකිනිම සදහා මහව ප්‍රදේශයේ පදිංචි මිතුරකුට බාරදි තිබියදි පොලිස් නිලධාරින් එම යතුරැ පැදියත් එය සන්තකයේ තබාගෙන සිටි ඔහුගේ මිතුරාත් අත්අඩංගුවට ගෙන ඇත.

