සොර කල්ලියක් ගලහදී අත්අඩංගුට


(ඩබ්ලිව්.ඒ. අසේල)

රටවටේ මහා පරිමාණයෙන්  ව්‍යාපාරික ස්ථාන හා  ගෙවල් බිදීම් ඇතුළු වී මහා පරිමාණයෙන් සොරකම්  රැසක් සිදුකල සොර කල්ලියක් අත් අඩංගුවට ගැනීමට ගලහ පොලීසිය සමත් වී ඇත.

පසුගිය කාලය පුරා ගලහ නගරයේ සිදුවුනු මහා පරිමාණ සොරකම් හතක් ඇතුලුව වව්නියාව මාමඩුව  නුවරඑළිය කඳපොල යාපනය කයිට්ස් ඇතුලු ප්‍රදේශ කිහිපයක මෙම මහා පරිමාණ සොරකම් කාලයක් තිස්සේ  මොවුන් විසින් සිදුකොට ඇත.

රට වටේ රන් භාණ්ඩ අලෙවිසල් විසි එකක් පමණ බිද ඇති අතර ගලහ නගරයේ රන්භාණ්ඩ අලෙවිසැල් ඖෂට අලෙවි සැල් හා ගෙවල් බිදීම් රැසකට මෙම සොර කල්ලිය සම්බන්ධ අතර ගලහ පොලීසියේ නිලධාරි කණ්ඩායමක් විසින් දිගින් දිගටම සිදුකල පරීක්ෂණ ඔස්සේ මෙම සොර කල්ලියේ නායකයා පන්විල ප්‍ර දේශයේ දී අත් අඩංගුවට ගැනීමට හැකී තිබේ.

කල්ලි නායකයා සමග තවත් හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර සියලු දෙනාම වයස අවුරුදු තිහට අඩු තරුණයින් වේ.  ඉන් එක් අයෙකු ගලහ නගරයේ වෙළඳ සලක  ටික දිනක් සේවය කොට ඇත.

ස්වර්ණාභරණ ලැප්ටෝප් පරිගණක  රවුටර් ජංගම දුරකතන විදුලි උපකරන බෙහෙත් ද්‍රව්‍ය මුදල් මුලුතැන්ගෙයි උපකරණ වැනි බොහෝ දේවල් මෙම සොරකම් වලදී සිදුකොට ඇත. පොලීසිය විසින් දල වශයෙන් කරන ලද තක්ෂේරු අනුව මේවායේ වටිනාකම කෝටියකට වඩා වටින බව තහවුරු වේ.