සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ අල් කොබාර් ස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ සිංහල භාෂා අංශය සංවිධානය කළ ‘‘සොඳුරු රාත්‍රියක මිතුරු හමුව‘‘ අධ්‍යාත්මක සංස්කෘතික සහ විනෝද වැඩසටහන පසුගිය බ්‍රහස්පතින්දා අල් කොබාර් ලුලු සංකීරණණ පරිශ්‍රය අසල උපාසයෙන් මිදිම සඳහා වු කඳවුරේදි පැවැත්විණි. රාමසාන් උපවාස මාසයට සමගාමීව මෙම වැඩ සටහන පැවැත්විණි. මෙහි තේමාව වුයේ මතට තිත, දුම්බීම නවතමු සහ දුරාචාරය යන්නියි. විවිධ විනෝදාස්වාදය ගෙන දුන් විනෝදකාමි වැඩ සටහන් වලින් සමන්විත වූ මෙම සොඳුරු රාත්‍රියට කථික තරගය, අංක මාරු කිරීම, ඇතුළ සංස්කෘතික අංගයන්ගෙන් සමන් විත විය. ඉස්ලාම් දහමෙන් මිනිසාගේ ජීවිතය පරිතන වන්නේ කෙසේද යන්න ගැන විශේෂ දේශනයක් ද පැවැත්විණි.