සොඳුරු දඩබිමෙන් නිෂ්පාදක දඩයම් වෙයි


ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතාගෙන් රුපියල් තුන් ලක්ෂයක් වංචා කළැයි වරද පිළිගත් චික්‍රපට නිෂ්පාදක ඩබ්ලිව් ඒ එස් කේ සමරවික්‍රමට කොළඹ කොටුව මසේත්‍රාත් තිලිණ ගමගේ මහතා මාස හයක සිර දඩුවමක් නියම කර එය පස් වසරකට අත්හිටැවීය.

රුපියල් 3000ක දඩයක්ද නියම කළේය.

නිෂ්පාදක සමරවික්‍රමගෙන් තමා ‘සොඳුරු දඩ බිම‘ 2009 ඔක්තෝබර නව වැනිදා රුපියල් තුන් ලක්ෂයකට මිලට ගත් බවත්, ඔහු ඊට පෙර එය තයත් පාර්ශ්වයකට ද, ඊටත් පෙර ඊඒපී චිත්‍රපට සමාගමට ලක්ෂයකට විකුණා ඇතැයි නාගොඩ විතාන මහතා කොල්ලුපිටිය පොලීසිය කළ පැමිණිල්ලේ සඳහන් විය.

සමරවික්‍රම අධිකරණයට පැවසුවේ නාගොඩ විතාන මහතා ගෙවූ මුදල ඔහුට ආපසු දුන් බවයි.