සොනක්ෂි හැලෙන ලකුණු


2016-09-13-ent-126

ඉදිරියේදී රූපගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අර්බාස් ඛාන්ගේ "ඩබාන්ග්" තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට මේ වනවිට ජනප්‍රිය සිනමා නිළියන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇත. "ඩබාන්ග්" පළමු හා දෙවැන්න සඳහා රංගනයෙන් දායක වූ සොනක්ෂි සින්හා ඉන් එක් අයෙකු වන අතර,

ඉතිරි නිළියන් වී ඇත්තේ ඇමී ජැක්සන් හා "ෆැන්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවු වාලුෂා ඩී සෞවුසා නම් කර තිබේ. ලැබෙන තොරතුරුවලට අනුව "ඩබාන්ග්" තුන්වැනි චිත්‍රපටයට බොහෝ දුරට ඇමි ජැක්සන් සම්බන්ධව වීමට ඇති අවස්ථාව වැඩි බවයි. මන්දයත්, සල්මාන්ද සිය චිත්‍රපටයට ඇමි ජැක්සන්ට සම්බන්ධ කරගැනීමට වඩාත් කැමැත්තෙන් පසුවන බවයි. ඔහු සඳහන් කරන්නේ ඇමි ජැක්සන් අවසන් වරට රඟපෑ "සිංග් ඉස් බ්ලින්ග්" බොලිවුඩ් චිත්‍රපටය අති සාර්ථක එකක් වූ බවයි.

"ඩබාන්ග්" තුන්වැනි චිත්‍රපටය සල්මාන් මේ දිනවල රංගනයෙන් දායකව සිටින කබීර් ඛාන්ගේ "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ වැඩි නිමාවූ පසුව ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වේ.

 

2016-09-13-ent-127
2016-09-13-ent-125