ජනප්‍රිය චිත්‍රපටයකින්ම රසික ඔබ හමු වූ බොලිවුඩ් සුපිරි සිනමා නිළි සොනක්ෂි සින්හා ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට එක්වීමට සූදානමක් පවතින බව සඳහන් වෙනවා. ප්‍රියංකා චොප්රා, අනුෂ්කා ෂර්මා මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනයට යොමුව තිබෙන අතර, ඔවුන් අනුගමනය කරමින් සොනක්ෂිද ඉදිරියේදී බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙන බව සඳහන්.
මේ වසරේ සොනක්ෂි රඟපෑ ‘අකීරා’ චිත්‍රපටය අසාර්ථක එකක් වු අතර, එය ඉන්දියාවේදී අසාර්ථක චිත්‍රපටයක් එකක් විය. එහෙත්, විදේශයන්හිදී උපයාගත් මුදල්ද අනුව එම චිත්‍රපටය සිය ආදායම් මුදල උපයා ගැනීමට සමත් වු බව සඳහන් වෙනවා.
එළැඹෙන නොවැම්බර් 18 වැනිදා සොනක්ෂි රංගනයෙන් දායක වන ‘ෆෝක්ස්’ දෙවැනි චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇති අතර, එය ඇය මේ වසරේ සිය රසික පිරිස් මුණගැසෙන දෙවැනි චිත්‍රපටයයි.