සේවා ව්‍යවස්ථාව කඩ කළ බව ඇමැති පිළිගනී


අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා ඒකකයේ අධ්‍යක්ෂ ධූරයට කර්නල් මංජුල කාරියවසම් මහතා පත්කළේ සේවා ව්‍යවස්ථාවට පිටින් යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද(8) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
 
එවැනි පියවරක් ගැනීමට සිදුවූයේ අධ්‍යාපන පරිපාලන සේවයෙන් සුදුස්සෙකු තෝරාගැනීමට නොහැකි වූ නිසා යැයි කී හෙතෙම පාසල් අධ්‍යාපනයේ උන්නතිය පතා සම්ප්‍රදායන්ට හා සේවා ව්‍යවස්ථාවන්ට යට නොවී තීන්දු ගැනීමට තමා ක්‍රියා කරන්නේ යැයි ද කීය.
 
  කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී මේ ගැන විමසූවිට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කීවේ එම තනතුරට යුද හමුදා නිලධාරියකු පත් කිරීම ගැන කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත්තේදැයි තමාට නිශ්චිත මතකයක් නැති බවයි