සේවා ගාස්තු වැඩි කළාට උපවාස


මාර්ග බලපත් ලබාදීම ඇතුළු සේවා ගාස්තු වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය බත්තරමුල්ල මාර්ගස්ත ප්‍රවාහන අධිකාරී කාර්යාලය ඉදිරිපිට උපවාසයක් කළේය.

සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත්, ප්‍රධාන සංවිධායක සුමනදාස ගමගේ හා තවත් අයෙක් ඊට එක්වී සිටිති.

මාර්ගස්ථ අධිකාරියේ සභාපති අමිල රංමණ්ඩල මහතා එහි පැමිණ ඔවුන් සමග උණුසුම් වචන හුවමාරුවකට ද මැදි විය.