සේරුවිලින් වරාය නගරයක් මතුවේ


සේරුවාවිල සිට කිලෝ මීටර හයක් පමණ ඈතින් පිටහි ඉලංකතුරෙයි කලපුව ආසන්යේ කැණීමකින් පැරණි වරාය නගරයක නටඹුන් හමුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියයි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ එවැනි වරායක් තිබූ බවට මෙරට වංශකතා සාධක ද නොමැති බවයි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් මාස එකහමාරක කාලයක සිට කරන ලද කැණීම් වලින් වරායක් ආශ්‍රිතව තිබූ මේ නගරය හමුවී ඇති අතර එහි නටඹුන් වර්ග කිලෝ මීටරයක පමණ ප්‍රදේශයක විසිරී ඇත.

පර්යේෂකයන් පවසන්නේ මේ ස්ථානයෙන් හමුවන චීන, පර්සියන්, අරාබි හා ඉන්දියාවේ මැටි භාණ්ඩ කොටස් අනුව මේ වරාය පොළොන්නරු රාජධානියේ දී භාවිතා කරන ලද්දක් යැයි අනුමාන කළ හැකි බවයි. මේ ස්ථානයේ තිබී පබළු කිහිපයක් ද හමුවී ඇත. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයට දකුණින් විශාලත ම තඹ නිධිය හමුවන්නේ සේරුවාවිල ආසන්නයෙනි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා පවසන්නේ මේ වරාය නගරයෙන් ද තඹ කොටස් හා තඹ උඳුන් හමුවන බැවින් අළුතෙන් සොයාගත් වරාය ආශ්‍රිතව තඹ හා තඹ භාණ්ඩ අපනයනය බහුලව සිදුවන්නට ඇති බවයි.

දැනට කරනලද කැණීම් වලින් සෙල්ලිපි කිහිපයක් ද හමුවී ඇති බැවින් ඒවා පරීක්ෂා කිරීමෙන් පසු වරාය නිශ්චිතව හඳුනාගත හැකියැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.

seruwavila (1)  seruwavila (3) seruwavila (4) seruwavila (5)

seruwavila (2)