පුරා විද්‍යා රක්ෂිතයක් හා පුජා නගරයක් වන ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ඉපැරණි චෛත්‍ය වටා අනවසර කැණිම් වහාම නතර කරන ලෙස පොලිසියට දන්වා පුරා විද්‍යා නිලධරයන් පිරිසක්ද එහි යැවු බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කියයි.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාඨ හා කේෂ ධාතු නිධන් කර දුටුගැමුණු මහ රජ තුමාගේ පියාණන් වන කාවන්තිස්ස මහරජතුමා විසින් සේරුවිල චෛත්‍ය කරවන ලදැයි ඉතිහාසයේ සඳහන් වේ.
සේරුවිල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නා හිමියනට රන් වැටක් ඉදි කිරීම සඳහා එහි සෑය වටේ හාරා ඇත.රන් වැට ඉඳි කිරීමට අවසර දී ඇත්තේ පුරා විද්‍යා රක්ෂිත සීමාවෙන් බාහිර ප්‍රදේශයක බවත් කිසිම පුරා වස්තුවකට හානි නොවන අයුරින් රන් වැට ඉදි කිරීමට කොන්දේසි පනවා ඇති බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.
සේරුවිල රජමහා විහාරස්ථානාධිපති සරණකිත්ති හිමි පවසනුයේ රන් වැට ඉදි කිරීමට පුරා විද්‍යා කොමසාරිස්ගෙන් අවසර ලබා ගත් බවයි.
මහා සෑය ළගින් කළ කැණිම් පුරා විද්‍යා කොමසාරිස්ගේ නියෝගයෙන් නතර කළ බව ද ඒ හිමියෝ කියති.
සේරුවිල අක්කර 84 කුත් පර්චස් 29 ක් වන භූමි භාගය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කැර ඇත්තේ හිටපු පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සී ඊ ගොඩකුඹුරගේ කාලයේදීය.
1962 නොවැම්බර 16 වැනිදා ගැසට් නිවේදනයකින් ඒ බව ප්‍රකාශ කැර ඇත. කථිකාචාර්ය මුං හේනේ මෙත්තාරාම හිමියන් සේරුනුවර පොලීසියට මාර්තු 17 වැනිදා පැමිණිල්ලක් කරමින් අධිකරණයට අපහාස වන සේ විහාරස්ථානයේ අනවසර කැණිම් සිදු කරන බව කියා සේරුවිල පන්සලේ සත් මහල් විහාරස්ථානයේ බුදු පිළිමයක් පිටුපස ඇති නයි පෙන නවයද කඩා දමා ඇතැයි මෙත්තාරාම හිමියෝ කියති.
එම නයි පෙන ඉදි කැර වසර විස්සකට නොවැඩි බවත් එම ඉදි කිරීම් පුරා වස්තු ලෙස නොසැලකෙන බවත් ආචාර්ය දිසානායක කියයි.එහෙත් මෙත්තාරාම හිමියන් පවසනුයේ නඩුව අවසන් වන තුරු විහාරයේ ඇති කිසිවක් වෙනස් කිරීම හෝ කඩා දැමීම උසාවියට අපහාස කිරීමක් බවයි.
ඒ හිමියන් විසින් පැවරුණු නඩුවේ කටයුතු අවසන් වන තුරු විවාදයට තුඩු දී ඇති කරුණු හා විහාරස්ථානයේ අදාල තත්ත්වය ඒ අයුරින්ම රැකගත යුතු යැයි කොළඹ දිසා අධිකරණයේ පී ඒ ජී ගනේපොල විනිසුරුවරයා 2012.02.03 වැනිදා අතුරු තහනමක් ද පනවා ඇත.
මෙම නඩුව තවමත් පවතින හෙයින් වත්මන් විහාරාධිකාරීය අධිකරණයට අපහාස කැර ඇතැයි පෙත්සම්කාර හිමියන් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.\
(වීඩියෝ දසුනක් සහිතයි)

