( දර්ශන ගුණරත්න සේරුනුවර ) - පසුගිය යුද සමයත් සමග නිසියාකාර ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් අභාවයට යමින් පැවති සේරුනුවර බෞද්ධ මන්දිරය සහ පිළිම වහන්සේ නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සේරුනුවර එක්සත් වෙළඳ හා කර්මාන්ත සංගමය සහ ගම්වාසීහු එක්වුහ.
සේරුවිල මංගල රජමහා විහාරාධිපති සරණකිත්ති හිමියන්ගේ මූලික අනුශාසනාව හා අනුදැනුම මත නැගෙනහිර පළාත් සභා සභාපතිනිය ඩබ්.ජී .එම් ආරියවතී ගලප්පත්ති මහත්මිය සහ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් අනුරුද්ද පියදාස මහතා ඇතුළු වෙළද සංගමයේ නිලධාරයෝ නව බෞද්ධ මන්දිරය සඳහා මුල්ගල තැබුහ.
පිරිවැය රු ලක්ෂ 12ක් වන අතර ගලප්පත්ති මහත්මිය විසින් රු ලක්ෂයක් සහ සිමෙන්ති මිටි 100ක් පරිත්‍යාග කිරීමට පොරොන්දු විය.

