සේයා නඩුවේ චෝදනා බාරදෙයි : චෝදනා දෙකක් බාරගනී


කොටදෙණියාවේ සේයා දැරිය (07) ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේදී, මහාධීකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් හට චොදනා බාර දුන්නාය.

දැරිය පැහැරගෙනයාම, දූෂණය කිරීම, බරපත ලිංගික අපයෝජනය සිදු කිරීම හා මරණය සිදු කිරීම එම චෝදනායි.

සැකකරු, දැරිය පැහැර ගැනීම හා දූෂණය කිරීම යනචෝදනා දෙකකට වරදකරු බව පිළිගත්තේය.  

ජූරි සභාවක් නොමැතිව තම නඩුව විභාග කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිවේදී චතුර අමරතුංග මහතා ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.

දැරියගේ මවුපියෝ සාක්කි දුන්හ. නඩුව අඟහරුවාදා විභාගයට ගැනේ.