සේයා නඩු තීන්දුව අද


ගම්පහ, කොටදෙණියාවේ බඩල්ගම දී පසුගිය සැප්තැම්බර් 11 වැනිදා කෙළෙසා මරා දැමුණු සේයා සඳෙව්මි දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව අද (15) මීගමුව මහාධිකරණය විසින් ලබාදීමට නියමිතය.

නඩුවේ ප්‍රධාන සැකකරු වන ඉලන්දාරිපේඩිගේ සමන් ජයලත් අද (15) පෙරවරුවේ අධිකරණයට රැගෙන එනු ලැබීය.

ප්‍රධාන විත්තිකරුට එරෙහිව සේයා දැරිය පැහැරගෙන යාම, දූෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජනයක් කිරීම හා ඇගේ මරණය සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා අධිචෝදනා නගා තිබිණි.