පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකින් තම කීර්තිනාමයට හානිවන මේ ප‍්‍රකාශ සිදු කළැයි කියමින් නිළි දමිත අබේරත්නගෙන් රුපියල් කෝටි 50ක වන්දි අය කර දෙන මෙන් ඉල්ලා ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට නිළි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය අද (21) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළාය.
නීතිඥ මයෝමි රණවක මහත්මිය මඟින් මෙම නඩුව ගොනුකළ සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ ඉකුත් ජනවාරි 13 වැනිදා දිවයිනේ ප‍්‍රකට පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡවකදී තමාගේ නම සඳහන් කරමින් දමිතා අබේරත්න යම් යම් ප‍්‍රකාශ සිදුකළ බවත් එමගින් තමාට අගතිදායක හා කීර්තිනාමයට පිරිමැහිය නොහැකි හානියක් සිදුව ඇති බවත්ය.
ඒ බැවින් එලෙස කල අපහාසයට සිය පැමිණිල්ල විභාගයට ගන්නා ලෙසත් රුපියල් කෝටි 50ක වන්දියක් අයකර දෙනමෙන් සිය පැමිණිල්ලෙන් සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටී.