සේපෑන් මෝටර් රථ තරගාවලියට අශාන් මැලේසියා යයි


ශී‍්‍ර ලංකාවේ ඉදිරියෙන්ම සිටින මෝටර් රථ ධාවන ශූරයකු වන අශාන් සිල්වා මැලේසියාවේ සේපෑන් ජාත්‍යන්තර ධාවන පථයේ පැවැත්වෙන ජී. ටී. IV තරගාවලියකට සහභාගීවීම සඳහා ඉරිදා (30 වැනිදා) මැලේසියාව බලා පිටත්වීමට නියමිතය.

අශාන් මෙම අවසන් වරට ඔහු සහභාගී වූ ඉබ්බාගමුව, පාන්ගොල්ල ධාවන පථයේදී වාර්තාගත ජයත් ලබමින් එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) තරග 2 සහ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) තරග 2 ජයගනිමින්, එම තරගාවලියේදී ඔහු සහභාගීවූ තරග හතරම ජයග‍්‍රහණය කිරීමට සමත්විය.

අශාන්ගේ මැලේසියානු සංචාරයටද අනුග‍්‍රහය දක්වන්නේ ඔහුගේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වන මොතූල් ලිහිසි තෙල් සමාගමයි.