රුපියල් ලක්ෂ පනහකට ආසන්න හෙරොයින් මත් කුඩු තොගයක් අතුරුගිරිය පොලීසියෙන් පසුගිය මාර්තු මාසයේදී අතුරුදන් වී යැයි කියන සිද්ධිය මත එහි පොලිස් ස්ථානාධිපති ඇතුලු පස්දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් බඩු භාණ්ඩ භාරව සිටි සැරයන්වරයෙක් හා කොස්තාපල්වරු දෙදෙනෙක් වැඩ තහනමට ලක් වුහ.
මෙම මත් කුඩු ආරක්ෂාව සදහා සේප්පුවේ තබා තිබු බවත් පොලීසිය කියයි.
රජයේ රස පරීක්ෂකට යැවු එම කුඩු හෙරොයින් නොවන බව සොයා ගෙන ඇත.

