ඇවන්ට් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට ව්‍යාපාරික කටයුතු සඳහා නයිජීරියාවට යාමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අතරමග නතරවන බව රහස් පොලිසිය කියා සිටි අතර ආරක්ෂක අමාත්‍යංශයේ සහ විදේශ අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ වාර්තාව පදනම් කරගනිමින් එම නියෝගය ලබාදී ඇත.
ඔහුගේ සමාගමේ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් නයිජීරියාවට යාමට සේනාධිපතිගේ නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයේ අවසර ඉල්ලා තිබූ අතර නයිජිරියාවට නොගියහොත් ඔහුට සහ රටට රුපියල් මිලියන 3500 ක පාඩුවක් සිදුවන බවද ඔවුහු සඳහන් කර සිටියහ.
මෙහි වැඩිදුර විභාගය ජූලි 11 වැනි දිනට කල් තැබිණි.

