සෙවිලි තහඩු නඩුවෙනුත් බැසිල්ට රට යන්න අවසර


පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සහානාධාර ලාබීන්ට සෙවිලි තහඩු බෙදාහැරීමේදී රුපියල් මිලියන 2991ක් සාවද්‍ය සපාරාධී පරහරණය කළැයි කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ  බැසිල් රාජපක්ෂ  හා හිටපු ආර්ථික අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක යන සැකකරුවන්ට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු එන් වී කරුණාතිලක මහතා අද අවසර  දුන්නේය.

රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාර්තු 2 දක්වා ඇමෙරිකාවට යෑමට අවසර ලැබිණි.

රුපියල් කෝටි පහක සහතික ඇපයක් හා කෝටි පහක ශරීර ඇප දෙකක් බැගින් ද නියම කැරිණි.