වැලිකන්ද සෙවනපිටියේ වගාබිමක වැතිරි සිටින අලියා වෙඩි වැදීමෙන් ඔත්පලවී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා පවසයි.
හොඳින් වැඩුණු වයස අවුරුදු 40ක් පමණ වන මේ සතාට කිසියම් අයකු සතියකට පමණ පෙර වෙඩි තබා ඇතැයි ද වෛද්‍ය දේවසුරේන්ද්‍ර මහතා කීවේය. අද පස්වරුවේ අලියාට ප්‍රතිකාර ලබාදිම අරඹමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අලියාගේ හිසට වැදුණු වෙඩි උණ්ඩය මොළය දක්වාම ගමන්කිරිම හේතුවෙන් අලියා දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවයි.



