සෙවණගල විදුහල්පතිගෙන් ගුරුවරියන්ට සෙවණක් නෑ


ඌව පළාතේ පාසල්වල්හි ගුරු හිඟය මැඩීම සඳහා ගුරුවරුන් පමණක් බඳවා ගන්නැයි සෙවනගල මහ විදුහල්පති ඩබ්ලිව් ජී නිහාල් මහතා ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්  කළේය.

පස්සර පල්ගහතැන්න පුහුණු ආයතනයේ ද්විතියීක පාසල් විදුහල්පති හමුවක දී ඔහු පැවසුවේ තරුණ ගුරුවරියන් ප්‍රසූත නිවාඩු ගැනීම නිසා ගුරු හිඟයක් පවතින බවයි.

‘ඌව පළාතේ වැඩියෙන්ම ඉන්නේ තරුණ ගුරුවරයියො. රැකියාව ලැබුණු ගමන් විවාහ වෙනවා. පාසලට එන්නේ අවුරුද්දයි. එදායින් පස්සේ ප්‍රසූත නිවාඩු. සමහර අය තුන් වැනි දරුවත් හදලයි පාසලට එන්නේ.‘