සෙවණක් නැති අයට සජිත්ගෙන් සෙවණක්


බෙන්තර - ඇලිපිටිය ආසනයේ ඇලිපිටිය ප්‍රදේශයේ ඉහළ කන්ද ග්‍රාමයේ අඩු ආදායම් ලාබීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා ආරම්භ කළේය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ගමකට නිවාස 25 බැගින් උදාගම්මාන වැඩසටහන යළිත් ක්‍රියාත්මක කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම උදාගම බෙන්තර - ඇලිපිටිය ආසනයේ ඇලිපිටිය ප්‍රදේශයේ ඉහල කන්ද ග්‍රාමයෙන් ඇරඹිණි.

ආසනයේ නිවාස ‍නොමැති පවුල් තෝරා නිවාස හිමිකාරත්වය ලබාදීම වෙනුවෙන් එම විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ සහයෝගයෙන් කටයුතු දියත් කිරීමට ඇමතිවරයා පියවර ගන්නා ලදී.

12212379_10208181364878219_20151112336167645_n 12226812_1020818136479821720151111_1041520958_n 12233159_10208181373918445_20151111386562873_n 12233352_102081201511181364678214_805521753_n 12242128_1020818136483820151111218_827700177_n