වටවල කමිටුව මගින් සකස් කරන ලද ක්‍රමවේදය මත පදනම්ව සෙලින්කෝ තැන්පත්කරුවන් වෙත තවත් රුපියල් 201,590,560ක් බෙදා දීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අද අනුමත කළේය.
සෙලින්කෝ ශ්‍රී රාම් තැන්පත්කරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණය ඊට අනුමැතිය දුන්නේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශිරාණි තිලකවර්ධන, පියසාද් ඩෙෆ් සහ රෝහිනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.