මත්තල ගුවන්තොට හා හම්බන්තොට වරාය බැලීමට ගිය එජාප මන්ත්‍රීන් දස දෙනාට තර්ජනය කළ පහර දුන්නේ යැයි කියන සිද්ධිය ගැන කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද සිය කනගාටුව ප්‍රකාශ කළේය.
පසුගිය 17 වැනි දා වු එම සිද්ධිය ගැන වැඩබලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා කථානායකවරයාට පැමිණිළි කළේය.හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක් අමෝරාගෙන එජාප මන්ත්‍රීන් පිටුපස ලුහු බැඳ යමින් තර්ජනය කළේය.තමා අත තිබුණේ සෙල්ලම් පිස්තෝලයකියි ඔහු පසුව කීවේය.
මහජන මුදලින් කරන මෙවැනි දේ බැලීමට හා විමසීමට විපක්ෂයට අයිතියක් ඇතැයි කී කථානායකවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල ඇමැතිවරුන් වග කිව යුතු යැයි කීවේය.
ඔවුන් වගකිව යත්තේ එහි ගිය විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නොසැලසීම නිසා යැයි ද කථානායකවරයා පැවසීය.

