ප්ලාස්ටික් පිස්තොලයක් සොරකම් කළ බවට දස හැවිරිදි දරුවෙක් නොචිචියාගම සංචාරක උසාවියේදී පිළිගත්තේය.
රාජාංගනය පොලීසිය ඔහු උසාවියට ඉදිරිපත් කර තිබුණේ නිවසකට බලෙන් ඇතුළු වී ගෙවල් බීදීම හා සොරකම් කිරීම චෝදනා යටතේය.
පැමිණිළි කාරිය කාන්තාවකි.දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික ලෙව්කේ බණ්ඩාර මහතාට මෙම දරුවා අධිකරණයේදී පැවසුයේ ‘‘මම නිවසට ගියා සෙල්ලම් කිරීමට ප්ලාස්ටික් පිස්තොලයක් ගත්තා ‘‘යනුවෙනි.මීට පෙර වතාවක දරුවා උසාවි ආ අවස්තාවේ නීතීඥ බණ්ඩාර මහතා ඔහුට රුපියල් දහසක සෙල්ලම් බඩු පරිත්‍යාග කළේය.
උසාවියට පැමිණි සිටි ඇතැම් නීතීඥවරුන් හා පොලිස් නිලධාරීන් පැවසුයේ රාජාංගනය පොලීසිය මේ සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කළ හැකිව තිබියදී බරපතල චෝදනා ඉදිරිපත් කර ඇති බවයි.
දඩුවම් නියම කිරීම ලබන 18 වැනි දිනට කල් තැබු මහෙස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා එතෙක් ළමයා ළමා නිවාසයක රඳවා තබන්නැයි නියෝග කළේය.