සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා අනුරාධපුර නව බස් නැවතුම්පොළ පෙදෙසේ සූර්ය කෝෂ පැනල අලෙවි ආයතනයක සේප්පුව කොල්ල කන්නට සැරසුණු සිව්දෙනකුගෙන් එක් අයකු මහජනයාගේ සහායෙන් අල්ලා පොලිසියට බාරදීමට එහි කළමනාකරු සමත්විය.
හෙල්මට් පැළඳ අවියක්ද අමෝරාගෙන එම ආයතනයට සිව්දෙනකු එනු දුටු බව එහි කළමනාකරු තිලංග ජයතිලක කියයි. එක් අයකු අත සෙල්ලම් පිස්තෝලයක් තිබියදි කළමනාකරු ඔහු සමඟ පොර බදද්දි එය කැඞී ඇත.
ඉන්පසු සිව්දෙනා එක්ව කළමනාකරු බැඳ දමද්දි ඔහුගේ කෑ ගැසීම ඇසි අසල්වැසියන් එද්දි තිදෙනකු පලාගිය බවත් එක් අයකු අල්ලා ගත් බව පොලිසිය කියයි.
අල්ලා ගත් පුද්ගලයා මහව මාඒළියේ විසිඑක් හැවිරිදි තරුණයෙකි.

